![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/13/ranjith-siyambalapitiya.jpg?itok=FkRIqx1C)
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහනවලට පනවා ඇති ආනයන තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පොදු ප්‍රවාහනයට යොදා ගනු ලබන බස් රථ මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා ට්‍රක් සහ ලොරි රථ ආනයන තහනම ද කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් අමාත්‍යංශය ඇතුලු අනෙකුත් අමාත්‍යංශ මෙන්ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන එක්ව සිදු කළ සමාලෝචනයකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
එම සාකච්ඡාවලදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ සමස්ත ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය කිරීමට බයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරන ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුලත නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනයට පැනවූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වනු ඇත.