බෝම්බ තර්ජනයක් නිසා අයිෆල් කුළුණ වැසේ | සිළුමිණ

බෝම්බ තර්ජනයක් නිසා අයිෆල් කුළුණ වැසේ

පැරීසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා ඊයේ (12) සිට හදිසි තත්වයක් මත වසා දමා තිබේ.
 
බෝම්බ තර්ජනයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වසා දැමුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ප්‍රංශ පොලිසිය සඳහන් කළේ ආරක්ෂිත පියවරක් ලෙස එහි සිටි පිරිස ඉවත් කිරීමෙන් පසු අයිෆල් කුළුණ වසා දැමීමට පියවර ගත බවයි.
 
තොරතුරු ලැබීමෙන් පසු බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයින් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ මෙය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
පැරීසියේ අයිෆල් කුළුණ ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථානයකි.
 

Comments