ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දැවැන්තම බෝනස් දීමනාව රු: බිලියන 10.4ක් | Page 5 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දැවැන්තම බෝනස් දීමනාව රු: බිලියන 10.4ක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට රක්ෂණ ක්ෂේත්‍රයේ බෝනස් දීමනාවක් රු. බිලියන 10ක් ඉක්මවා යයි. 2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 92.8 ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තාව අභිභවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 10.4ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2022 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, 2006 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 92.8ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට මෙතෙක් ලබා දී ඇති ඉහළම සහ විශාලතම ජීවිත රක්‍ෂණ බෝනස් දීමනාව ප්‍රකාශයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රක්‍ෂණ සපයන්නා ලෙස ඔප්පු හිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කර ඇත. අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය වත්කම් සම්භාරය රු. බිලියන 274 ක් සහ ජීවිත අරමුදල රු. බිලියන 156.7 ක් දක්වා ඉහළ නංවාගනිමින් සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වී තිබේ.

මෙමඟින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ක්‍රමවත් ආයෝජන කළමනාකරණ ක්‍රියාපටිපාටීන් මනාව පිළිබිඹු වන අතර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එහි රක්ෂණ ඔප්පුහිමියන්ට ඉහළ ප්‍රතිලාභ ලබා දීමට දක්වන කැපවීම නවලෝක රෝහල් සමූහය සිය Home care සේවාව තව තවත් ශක්තිමත් කරයි.

Comments