රිට්ස්බරි මව්බිමට වීරයෙක් සමඟින් ක්‍රීඩකයන්ට ජයග්‍රහණ රැසක් | සිළුමිණ

රිට්ස්බරි මව්බිමට වීරයෙක් සමඟින් ක්‍රීඩකයන්ට ජයග්‍රහණ රැසක්

රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන මඟින් සවිබල ගැන්වූ 13 දෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී වාර්තාගත ජයග්‍රහණ කිහිපයක් සනිටුහන් කිරීමට සමත් විය.

ආසියානු මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 2.00.66 කින් නිම කළ තරුෂි කරුණාරත්න එහි රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමිනි. එහිදී ඇය නව ආසියානු ශූරතා වාර්තාවක් මෙන්ම, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවල Asian Leader බවට පත්වීම, දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාව, ශ්‍රී ලංකා වාර්තාව සහ ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව ඇතුළු වාර්තා කිහිපයක් පිහිටුවීමට සමත් වූ අතර මෙය ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද ඉහළම දක්ෂතාව ලෙස සැලකේ. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ගයන්තිකා අබේරත්න සමත් විය. එමෙන්ම තරගාවලියේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ.

Comments