ඛනිජ අපනයනකරුවන්ගෙන් වාණිජ මණ්ඩලයක් | Page 5 | සිළුමිණ

ඛනිජ අපනයනකරුවන්ගෙන් වාණිජ මණ්ඩලයක්

 

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරී සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කරන ලදී.

ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (The Chamber of Mineral Exporters -CME Chamber) නම් වු මෙම නව වාණිජ මණ්ඩලය මඟින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම මෙන්ම ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ නව දැනුම හුවමාරු කිරීමට දායකත්වය දෙන අතරම ඛනිජ සඳහා දේශීයව අගය එකතු කිරීම සහතික කිරීම සඳහා උපරිම ලෙස දායක වෙමින් ශ්‍රී ලංකාව සඳහා උපරිම වටිනාකම රඳවා ගැනීම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන බව බව එම වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (CME Chamber) නිල වශයෙන් දියත් කරන ලද්දේ ඛනිජ සහ ඛනිජ පාදක නිෂ්පාදන කැණීම්, සැකසුම්, අගය එකතු කිරීම සහ අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම්වලින් සමන්විත සහයෝගීතා මුලපිරීමක් වශයෙන් බව මේ පිළිබඳව අදහස් දක්වමින් එහි ආරම්භක සභාපති අමිල ජයසිංහ ප්‍රකාශ කළේය.

Comments