![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/10/central-bank.jpg?itok=EX5Xv9aU)
සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින්නැයි ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ දැනුම් දීමක් කරනු ලැබේ.
පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතින බව මහබැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුළ පිරමිඩ යෝජනා ක්‍රම නීතිවිරෝධී වේ. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ යෝජනා ක්‍රම 08ක් පිළිබඳව මාධ්‍යයන් ඔස්සේ මේවන විටත් මහජනතාව දැනුවත් කර ඇත. කෙසේ නමුත් එම ලැයිස්තුවේ දැනට ක්‍රියාත්මක සියලුම පිරමිඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බැවින් වෙනත් පිරමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් තවත් සිටිය හැකි බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒවා පිළිබඳ විමර්ශනය කරමින් සිටියි.
ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බව ද මහබැංකුව පැවසීය.
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඉන් වැළකී සිටින ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.