- පාර්ලිමේන්තුව අමතා ජනපතිගෙන් 9 වැනිදා විශේෂ ප්‍රකාශයක්
- 15 වැනිදා තෙක් යෝජනා භාර ගැනේ
සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස් ලබා දෙන ලෙස
ජනාධිපති ලේකම් විසින් කරන ලද ලිඛිත දැනුම් දීම අනුව සිකුරාදා වන විට පක්ෂ රැසකින් යෝජනා ලබා දී තිබේ.
ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස සර්ව පාක්ෂික සමුළුව ජූලි 26 වෙනිදා කැඳවනු ලැබූ අතර එහිදී ඇති කරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම දැනුම් දීම සිදු කළ අතර අදාළ නාම යෝජනා අගෝස්තු 15දා තෙක් භාරගනු ලැබේ.
මේ වන විට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ඊ.පී.ඩී.පී, එක්සත් ජනරජ පෙරමුණ, අරවින්ද කුමාර්ගේ නායකත්වයෙන් යුත් කඳුරට පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් වේ.
තාරක වික්‍රමසේකර