
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (04) සිට ලබන 07 වැනිදා දක්වා ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාගේ ඇරයුමකට අනුව, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ.
අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි හමුවීමට නියමිත අතර, දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.
තවද, අමාත්‍යවරයා ඉරානයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පවත්වනු ඇත.