කළුතර ටිපර් රථයක් පෙරළී රථවාහන ගමනාගමනයට බාධා | සිළුමිණ

කළුතර ටිපර් රථයක් පෙරළී රථවාහන ගමනාගමනයට බාධා

ජිප්සන් තොගයක් පටවාගත් ටිපර් රථයක් කළුතර නගර මධ්‍යයේ ආරක්ෂිත යකඩ කනු 9 ක් ගලාවා ගෙන මාර්ගයෙන් ඉවතට පැන අද (03) අළුයම  අනතුරක් සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
 
අඩි 40 ක් පමණ දිග වානේ ආරක්ෂක ආවරණය ගලවාගෙන මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කුළුණු දෙකක් ගලවාගෙන යකඩ ආරක්ෂක ගේට්ටුවකටද හානි කරමින්  පෞද්ගලික ආයතනයකට කඩාවැදී තිබේ.
 
රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලිසිය කියයි.
 
අනතුර හේතුවෙන් ගාළුපාරේ කොළඹ දෙසට ගමන් ගන්නා වම්පස මංතීරුවේ එක් මංතීරුවක් අවහිරව තිබුණි

Comments