ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - 18කට තුවාල | සිළුමිණ

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - 18කට තුවාල

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. 
 
අද (01) අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීය.
 
වටවල පොලිසිය සදහන් කරනුයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි.
 
අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
 
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව වාර්තා වේ. 

Comments