
ළඳුනි
නුඹට මතකද එදා
පිදු සෙනේ මුළු හදින්
ළං වෙලා ආදරෙන්
ලොවට අමතක කරත්
ඇයි ගියේ වෙන හදට
කඳුළු දී මගෙ නෙතට
නතු වෙන්න ඔහු පෙමට
අඩු වුණේ කිම නුඹට
තටු සිඳුන කිරිල්ලක
වෙලා නුඹ හඬනවද
ඹබර තුඩ විස බවම
පසක් වෙනවාද අද...
ශ්‍රීමතී කුමාරි ජයකොඩි
කවියෝ
කවියෝ මල් වැන්න නෙක සුවඳ පතුරන
සමනල ඹබර කැළට මල් පැණි බොති තුටින
සුවඳින් නැණින් කිසි දිනයක නිම නොවන
ලෙස කවියෝ ලියති කවි නෙක රස පිරුණ
විමලරත්න කේයස් ජී.එච්. ගෙ කවි
පාඨක මනස තුළ ඇත රසය අඩු නොවී
පරම්පරා ගණනක් ගත වුවත් ගෙවී
ඔවුන් නොම සේ ඇත හදවත්හි මැවී
විජේරත්න වනසිංහ
උපන්දින සාදය
සීනි බනිස් ගෙඩියක්
කරාබු මල් තුන හතරක්
කනේරු මලක්
ෆර්න්ස් ඉති එකතුවක්
උපන්දින කේකයක් ...
සර්ප්රයිස් සාදයක්
හැපි බර්ත්ඩේ ඩියර් අක්කා
පුංචි හඬවල්
ගීතවත් රිද්මයකට...
සොම්නසින් බබළන
දීප්තිමත් මුහුණු...
ක්‍රේප් පටි
වෛර්ණ බැලුන
විසිතුරු අයිසින් කේකයක්
දැල්වෙන ඉටිපන්දම්
පෙනී නොපෙනී ගියා
දෑස ඉදිරියේ
ගලා ගියා
සතුටු සාගරයක්
හදවතේ ඔවුනගේ....
චාන්දනී දේවිකා පුංචිහේවා
සුනාමි නඩුවේ මුහුදු සාක්කිය
විපතට පත් සැවොම පසුවන දුක් ගින්නේ
මා වෙතටමයි තවමත් දොස් පවරන්නේ
කෙලෙසද එහෙත් හරි තතු වටහා දෙන්නේ
මට සිදු වුණු හදිය මා පමණයි දන්නේ
වැතිරි නිසසලව මා සිඳු පතුල බදා
ඉන්දිය සයුරු සයනේ සිටි විටදි නිදා
සෙලවිණි පොළොව තිබු මගෙ ජල තලය රඳා
එහි කැළඹුමෙන් මම මුසපත් වුණෙමි එදා
ගැඹුරෙහි තරඟ වැල් බඹ ගණනකින් යට
කැළැතී ඇරඹුණෙන් දිය සුළි නැඟෙන්නට
මින් පෙර නොගිය වේගයකින් එතැන් සිට
මට සිදු වුණේ සී සී කඩ දුවන්නට
නියදම අණින් මා යා යුතු ගමන ගියා
ඉන්නට නොහැකි විය මට ඒ අනුව නොයා
ලොවටම කියමි "මා නිවැරැදිකරු ය" කියා
දක්වනු මැනවි ඔබ හැම මා වෙතට දයා
ධනපාල නිශ්ශංක
මතකය
පිහාටුව බිම දමා
ඈත දුර ඈ ගියා
අහස් ගවුවෙන් එහා
පියාඹමි සොය සොයා
මහගම සීලානන්ද හිමි
වැලපෙන මිහිමඬල
බලා උන්නෙමි දෑස් දල්වා
නිමාවන තුරු ඉඩෝරය
මහා වැසි ඇද හැලී
පුරන් කෙත්වතු සාර වී
අටුකොටු පුරවාලන...
හාමතින් වැලපෙනා
පැටවුනගෙ කුස පිරෙන
පීඩිත දනන්ගේ
මුවගට සිනා කැන්දන...
නැත පෙනෙන මානයක
වැහි වලාවක සේයා
ගිනියම් හිරු රැසින්
දැවෙන ජීවිතවලට
සිසිලසක් ඉසින්නට...
බාලගිරි දොසද මේ
අද නම් නොවේ හෙට...
රවි ප්‍රසාද් කරුණාරත්න