පුංචි කාලේ ඉඳන්ම ගායිකාවක් වෙන්න සිහින මැව්ව සයුමිගේ ජිවිතේ කඩඉමක් වෙන්නේ සිරස වොයිස් වේදිකාව. සිරස වොයිස් හරහා තමයි ප්‍රේක්ෂකයින් බහුතරයක් සයුමි සසංගා ව හඳුනා ගන්නේ, මේ දවස්වල සයුමිගේ අලුත්ම ගීතය එළිදක්වා තියෙනවා. “මං මං වගේ“
ගීතය ගැන අහන්න අපි කතා කළා ඇයට.
නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹූ ඇය පසුව සිරිමාවෝ බාලිකා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබන්නීය.
බාල වියේ සිට ගායන වැඩසටහන්වලට ඉදිරිපත්ව සිටිය දවසින් වැඩෙත්ම ඇය වැඩි නැඹුරුවක් දැක් වූයේ ක්‍රීඩා අංශයටය. swimming සයුමි යන ආදරණීය නාමයෙන් කවුරුත් කතා කරන්නට හුරු වූයේ එනිසාය.
“මම මුලින්ම ගීතයක් ගැයුවේ මට අවුරුදු එකොළහක් විතර කාලෙදි. එදා මම කිව්වේ Mere Sapnon Ki Rani හින්දි සින්දුව. මම පොඩි කාලේ ඉඳන් ගායිකාවක් වෙන්න ආස කළා. අපේ තාත්තා හැමතිස්සෙම සින්දු කියනවා. තාත්තා සංගීතය හදාරලා නැහැ. නමුත් එයාගේ විනෝදාංශයක් තමයි ගෙදරදී නිතරම සින්දු කියන එක. ඒක දැකලා තමයි මට ඕනේ වුණේ කොහොමහරි සංගීතය හදාරලා හොඳ ගායිකාවක් වෙන්න.“
ගායිකාවක් වෙන්න හීන දැකපු සයුමිගේ ඒ හීනය හැබෑ කරන්නේ සිරස වොයිස් .
“මම බැට්ල්ස් වලින් අයින් වුණාට මට ඒ වෙනකම් ලැබුණු අත්දැකීම නම් මාරයි. සින්දුවක් වේදිකාවක් මත ගයද්දී ප්‍රේක්ෂකාගාරය තමන්ට නතු කරගෙන ඒ ඉදිරිපත් කිරීම කරන්නේ කොහොමද කියන එක මම එතැනින් ඉගෙන ගත්තා. ඒ වගේම සිරසේ අයියලා අක්කලා අපි එක පවුලක් වගේ. ඒ නිසා තරගයක් කියන එකට වඩා එක පවුලක වගේ ලොකු බැඳීමක් තිබ්බේ. ඒ නිසා බැට්ල්ස් වලින් අයින් වුණාම ගොඩක් දුක හිතුණොත් අනේ මට මේ අය මේ විදියට මට හම්බෙන්නේ නැහැනේ කියන එක. අදටත් සිරසේ වොයිස් තුළින් ලද අත්දැකීම කියලා නිම කරන්න බැහැ. ඒ ලැබුණු අත්දැකීම අදටත් මට මගේ ගමනට ශක්තියක්.
මම උමාරා සිංහවංශ අක්කා යටතේ සංගීතය පුහුණු වුණා. හඬ පුහුණුව සඳහා අදටත් මම ඇය ළඟට යනවා. පසුගියදා නිකුත් කළේ මගේ තුන්වන ගීතය. පළමුවෙනි ගීතය කළේ සංඛ දිනෙත් අයියා සමඟ. ඊට පස්සේ මම කරා ජේසන් සහ DJ Mass අයියා එක්ක සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර සින්දුවක්. එකේ නම Never Gonna Give Up.
මගේ අලුත්ම ගීතය තමයි “මං මං වගේ“ ගීතය
මේක මගේ ජීවිතේ අත්දැකීම් එක්ක නිර්මාණය වුණු ගීතයක්. ජීවිතේ අපිට ආදරය කරන සහ නොකරන මිනිස්සු කියන වචන වලින් අපේ හිත් රිදෙන්න පුළුවන් ඉතින් මේ හිත් රිදීම් වුණාම අපි මොනවාද කරන්නේ ? සමහර අය හයියෙන් කෑගහනවා, සමහර අය ඉකි ගගා අඬනවා, සමහර අය ඉන්න තැන උඩු යටිකුරු කරනවා, එත් සමහර අය ඒ ගැන සින්දුවක් නිර්මාණය කරනවා. මගේ උසට මගේ හමේ පාටට සහ මම කතා කරන විදියට. ඒ වගේම මගේ ඇහිබැමවලට සහ මම ඇවිදින විදියට ගොඩක් අය මට එක එක දේවල් කියලා තියෙනවා. ඒ නිසාම මට දුක හිතුන තැන් තියෙනවා. කවුරු මොනවා කිව්වත් මම මාව වට්ටන්නේ නෑ. මම හිතුවේ මම කොහොම හරි මට ඕනේ විදියට මගේ ගමන යනවා කියන එක. දවසක් මම සංක අයියාගේ රේකොඩින් ස්ටුඩියෝ එකට ගිහින් මට සින්දුවක් කරන්න ඕනේ loving your self ගැන කියලා. මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න. එතකොට බාහිර සමාජයේ මිනිස්සු කියන දේවල් නිසා මනසින් වැටෙන්නේ නතුව ඒ දේම ශක්තියක් කරගෙන තමාගේ ගමන යන එක ගැන. සින්දුවක් හදලා දෙන්න කියලා. මම දන්නවා මේක මේ වෙද්දී ගොඩක් තරුණ ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මට ඕනේ වුණේ motivation සින්දුවක් හදන්න.
ගීතය ලිව්වේ තාරක රවිනාත් අයියා. තනුව නිර්මාණය කළේ සංඛ දිනෙත් අයියා. Mixed & Mastered එක කළේ චමෙල් ශාවින්ද අයියා. මියුසික් වීඩියෝ එක කළේ සංදේශ් බණ්ඩාර අයියා.“ සයුමි පවසන්නේ තම ගීතයට දායක වු පිරිස ගැනය.