ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමුවෙති | සිළුමිණ

ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමුවෙති

දකුණු කොරියාවේදී අගෝස්තු 01 වනදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එහි නායක විශේෂඥ වෛද්‍ය රජීව් පිරීස් වෙත නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතින් පසුගිය 28 ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි.

මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරිය ලොව පුරා බාලදක්ෂයන් 50,000කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන සංඛ්‍යාව 177කි.

මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරු සහ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Comments