
මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීමට ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඉකුත් 27දා තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ සහ මදයසාර පිළිබඳ ජාතික අධිකාරිය යන කාරක සභාව ඉදිරියට කැඳවා මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පවත්වා පවතින තත්ත්වය හඳුනා ගැනීමට අවශ්‍ය බව එම කාරක සභාවේ සභාපති ඇමැති ටිරාන් අලස් එහිදී පැවසීය.