![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/23/Lahiru%20Thirimanne.jpg?itok=FPRVVNWA)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ක්‍රීඩකයෙක් ලෙස රට වෙනුවෙන් උපරිමය ලබාදුන් බවයි.
එමෙන්ම, ක්‍රීඩාවට ගරු කරමින්, මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව යුතුකම් ඉටුකළ බව ද ලහිරු තිරිමාන්න සදහන් කර ඇත.
33 වැනි වියේ පසු වන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක්, 20-20 තරග 26 ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු ටෙස්ට් ශතක 03ක් ටෙස්ට් අර්ධ ශතක 10 ක් එක්දින ශතක 4 ක් සහ එක්දින අර්ධ ශතක 21 ක් ලබා ගෙන ඇත.
2014 පන්දුවාර 20-20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන ලහිරු තිරිමාන්න එම වසරේ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළේය.