සෙලින්කෝ ලයිෆ් වත්කම් රුපියල් බිලියන 200 ඉක්මවයි | Page 5 | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් වත්කම් රුපියල් බිලියන 200 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ මැයි මාසයේ දී සමාගමේ මූල්‍ය ශක්‍යතාව විදහා දක්වන මූල්‍ය කාර්ය සාධනයේ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගැනීමට සමත් විය. 2023 මැයි 31 වන විට සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 200 සීමාව ඉක්මවා රුපියල් බිලියන 209.4 ක් වී ඇත්තේ 2022 දෙසැම්බර් 31 වැනිදා සිට මාස පහක කාලය තුළ රුපියල් බිලියන 17.9 කින් එනම් සියයට 9.4 කින් වර්ධනය වීමෙනි. මේ අතර සමස්ත කොටස් වටිනාකම ද මැයි මස අවසානයේදී රුපියල් බිලියන 50 ඉක්මවමින් රුපියල් බිලියන 51.5 ක් වූයේ, සියයට 4.3 ක වර්ධනයක් සමඟය.

සමාගමේ නිවේදනයකට අනුව සෙලින්කෝ ලයිෆ් හි මූල්‍ය වත්කම්වල ආයෝජනය ද මැයි මාසයේදී සන්ධිස්ථානයක් පසු කළේ මාස පහක් තුළදී රුපියල් බිලියන 18.6 ක එනම් සියයට 11.8 ක වර්ධනයක් පෙන්වමින් මැයි මස අග වන විට රුපියල් බිලියන 176.4 ක් බවට පත් වෙමිනි. මෙම කාලපරිච්ජේදය තුළ සෙලින්කෝ ලයිෆ් තම ආයෝජන ආදායම රුපියල් බිලියන 4.5 කින් නැතහොත් සියයට 69.4 කින් වර්ධනය කරගනිමින් මාස පහ සඳහා රුපියල් බිලියන 11.2 ක ආයෝජන ආදායමක් වාර්තා කළේය.

Comments