
නින්දේදී දකින සිහින ගෙනෙන පලාපල
යුගදිවියේ සතුට සැපත ගෙනෙන මුදුව
දැල්වෙන ගිනිකූරක් දුටුවොත් ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථකයි
පරවූ මල් පොකුරු ගෙනෙන අනතුරු
ඔබ-අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂ විග්‍රහයන් අතීතයේ සිටම සිදු කෙරිණි. මෙවර ඉසිවර කලාපයෙන්ද ඉදිරිපත් කෙරෙන සිහින කීපයක් පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.
01. පිරවූ මල් පොකුරක් හෝ මල් ගොඩක් - හදිසි අනතුරු හෝ සතුරු උවදුරු
02. රත්රන් ආභරණ - සොර සතුරන්ගෙන් විපත් පැමිණේ
03. තඹ සුරයක් - නිවෙසට භූත දෝෂවලින් නපුරක් සිදුවේ
04. කුදු අයකු දුටුවහොත් - තමාගේ කටයුතුවලට අන්‍යයන්ගේ සහයෝගය ලැබේ
05. මිටි පුද්ගලයකු - සතුරන්ගේ සතුරුකම්වලින් පීඩා විඳින්නට සිදුවේ
06. මිතුරකුට අනතුරක් සිදුවීම - නොසිතූ පරිදි ලාභයක් සිදුවේ
07. දළඹුවා දුටුවොත් - තමා සතු අගනාම දෙයක් සොරු ගනී
08. දැලක සිටින මකුළුවා - ගමන් බිමන් අතරතුර අනතුරකි
09. වවුලා දකින්නට ලැබීම - පහසුවෙන් විසඳා ගන්නට නොහැකි ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවේ.
10. අන්නාසි - ලොතරැයි දිනුම් වැනි හදිසි ධන ලාභ
11. ඉපැරැණි විහාරස්ථානයක් දැකීම - ප්‍රසිද්ධියට මෙන්ම ගෞරවයටද හිමිකම් ලැබේ
12. ගොයම් ගොඩගසන අයුරු - නොසිතූ නොපැතූ උසස් තත්ත්වයකට පත්වේ.
13. පුපුරන රතිඤ්ඤා - අන්‍යයන්ගේ සිතේ තමා පිළිබඳ තිබුණු වැරැදි වැටහීම දුරු වේ.
14. කරපිංචා ගසක් දැකීම - පදිංචි ස්ථානයට වඩා යහපත් තැනකට යන්නට මඟ පෑදේ.
15. අවසානයක් නොමැති මාර්ගයක් - ඉතා වාසනාවන්ත කාලයක් උදා වේ.
16. ළිඳක් ඉසින අන්දම - සේවා ස්ථානයේ ඉහළම බලවතියකගේ අනුග්‍රහය හිමි වේ.
17. ළිඳක් කපන අන්දම - තැන්පත් ධනය වැය කරන්නට සිදු වේ.
18. මුරගල - පොළොවෙන් වස්තු සම්පත් නිසැකවම ලැබේ.
19. දැල්වෙන ගිනිකූර - ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක වේ.
20. කපුටන් රංචු ගැසී කෑ ගැසීම - තමන්ද පැටළෙන කරදර කෝලාහල ඇති වේ.
21. බකමූණා - දෙනෙතට හානි සිදු වේ.
22. යකඩ ගොඩක් - නොසිතූ නොපැතූ උවදුරක් නිසා විශාල පාඩුවක් හා කම්පාවක් ඇති වේ.
23. දිරාපත් ලී දඬු - මරණයක් නිසා විශාල පාඩුවක් හා කම්පාවක් ඇති වේ.
24. රතු ඇඳුමකින් සැරසී සිටීනම් - නිමක් නැති ලෙඩ රෝග සහ ආර්ථික කරදර ඇති වේ.
25. රිදී ආභරණ - තමාගේ නියම තත්ත්වය හෙළි වීම නිසා විශාල හානියක් සිදු වේ.
26. මුදුව - යුග ජීවිතයේ සතුට, සැපත
27. මුදුවට හානි වීම - සිහිනය සැමියා දුටුවානම් බිරියට ද බිරිය දුටුවානම් සැමියාට ද තදබල අපල විපත් ඇති වේ.
28. පූජකවරයෙක් - සියලු කටයුතු අතරමඟ නවතී.
29. මිතුරකු සමඟ දබර කරගැනීම - ස්ත්‍රියකට නම් පුරුෂයන්ගේ ද පුරුෂයකුට නම් ස්ත්‍රීන් වෙතින් ද අපහාස විඳින්නට සිදු වේ.
30. සොරකු දුටුවේනම් - ඇසුරු කරන්නන් සමඟ දබර කරගන්නට සිදු වේ.
31. කහ පැහැති මල් පොකුරු - ශරීර අභ්‍යන්තරයේ රෝගයක් හට ගනී.
32. සිහිනයෙන් වෙව්ලන්නට වීම - තමා සතු බලය අහිමි වේ.
33. රෝගීව යහන මත සිටිනු දැකීම - ළය පෙදෙස ආශ්‍රිත රෝගයක් ඇති වේ.
34. කෙනෙකු එල්ලී මැරෙන අයුරු - තමාගේ ජීවිතයට ද එවැනිම මරු පහරක් වදී.
35. ඇතකු විසින් පාගා මරා දමන්නට තැත් කරන අයුරු - මුළු පවුලම බියපත් වන අන්දමේ කරදරයක්
36. ගිනිගෙන දැවෙන සොහොන - ආලය පිළිබඳ හෝ විවාහය පිළිබඳ සතුරු පීඩා ඇති වේ.
37. ගෙතුළ අල බතල ආදිය තිබෙන අයුරු - තම ඥාතීන්ට අනතුරු හේතුවෙන් මරණ සිදු වේ.
38. හිස් බේසමක් - පවුලේ අසමඟිය දුර දිග යන්නට ලකුණකි.
39. මුහුණ බලන කණ්ණාඩිය - සහකරුට සහකාරිය නිසාත් සහකාරියට සහකරු නිසාත් නින්දා විඳින්නට සිදු වේ.
40. නිවසේ බිත්තියක් ඉරි තැළීම - පවුලේ සාමාජික සාමාජිකාවන් අතර දරුණු ගැටුම්කාරී තත්ත්වයක්
41. තැඹිලි හෝ කුරුම්බා - තම දරුවකුට විපතක්
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
සුදත් රත්නායක