සඳනාරී උපමා මැවුණා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ ඇඳුනා...
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහි පවා
සඳසේයා වතේහී මවා
පිනි සීතේ දැනේවී කතා...
සුසුම් අංශු පාසා
සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා
හැඟුම් රංචු වීලා
රැයේ පින්න පීරා.. මීන ඇසිපිය සලලා
සිතේ හැඟුම කොඳුරා
සදා මටම ලැබෙනා නාරී
සදා මාගෙ වීලා...
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා
පිනි සීතේ දැනේවී කතා...
රැඳී ඉන්න මහා
සුපෙම් බැල්ම පාලා
සේද රතඳර මුමුනා
රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා
සදා මටම ලැබෙනා
නාරී සදා මාගෙ වීලා...
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා
පිනි සීතේ දැනේවී කතා..
හුස්මේ සැමදා රැඳුණා
සඳනාරී උපමා මැවුණා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ ඇඳුනා
නෙතු යාවී බැඳීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා...
පිනි සීතේ දැනේවී කතා
ගායනය - හර්ෂ විතානගේ
ගී පද - ශෙහාන් ගලහිටියාව
සංගීතය - යසස් මැදගෙදර
මීට වසර කිහිපයකට පෙර නිර්මාණය වූ “සඳනාරි“ ගීතය මේ දිනවල වැඩි වශයෙන් ඇහෙන්නේ නේපාලයේ. ඒ නේපාලයේ රියැලිටි තරගයකින් බිහි වූ ගායකයකු ඔහු වඩාත් ප්‍රිය කරන ගීතයක් ලෙසින් මෙම ගීතය ගැයීමත් සමඟයි. කොහොම නමුත් ලාංකික ගීතයක් මෙලෙසින් වෙනත් රටක වෙනත් ජාතිකයෙකු විසින් ගායනා කරනු දකින්නට ලැබීම සතුටට කරුණක්. මේ ගීතයේ මුල් ගායකයා වන්නේ හර්ෂ විතානගේ. ඔහු අපිට ඉන්න තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂතා සපිරි ගායකයෙක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ?
සඳනාරි කියන්නෙ මගේ පළමුවෙනි ගීතය
මේ ගීතය නිර්මාණය වුණේ අපි කණ්ඩායමක සාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක් විදියට. මෙහි ගී පද ශෙහාන් ගලහිටියාව අයියගේ. ඒ වගේම ගීතය සංගීතවත් කළේ යසස් මැදගෙදර අයියා.
ඔබේ ගීතය අදටත් ජනප්‍රියයි, නේපාලයේ ගායකයෙක් පසුගියදා ගීතය ගායනා කරලා තියෙනව. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සඳනාරි ගීතය අදටත් බොහෝ ප්‍රේක්ෂක හදවත් වැලඳගෙන සිටින ගීතයක්. මට අදටත් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. අපේ ශ්‍රි ලාංකීය අනන්‍යතාව ජාත්‍යන්තරයට රැගෙන ගිය නේපාලයේ ගායකයාටත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි.
මුලින්ම නේපාලයේ ගීතය ගැයෙනවා ඇහුනම මොකද හිතුණේ?
මට හරි සතුටුයි සඳනාරි වෙනස් හඬකින් වෙනත් රටක ගැයෙනවා අහද්දි. මේ ගීතය අදටත් ජනප්‍රිය සාර්ථක නිර්මාණයක් කියල මට හිතෙනවා
මේ වෙද්දි ගීත කීයක් නිර්මාණය කරලා තියෙනවා ද?
මගේම ගීත තුනක් නිර්මාණය කර තිබෙනවා.
හර්ෂ විතාන සිහින දැක්කෙම ගායකයෙක් වෙන්නද?
ඔව්, පොඩි කාලෙ ඉඳලම මම සිහින දැක්කේ ගායකයෙක් වෙන්න.
පවුලේ විස්තර මොනවද?
අම්මා ගෘහිනියක්. තාත්තා මේ වෙද්දී විශ්‍රාමික සුවෙන් ඉන්නේ. මට ඉන්නේ අයියා සහ නංගි. ගෙදර දඟකාරයා මම.
පාසල් ගියේ කොහෙද?
රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයට
පාසල් කාලේ ඉඳන්ම සංගීතයට ද කැමැත්ත
ඔව්. පාසලේ හත වසරේ ඉන්නකොට තමයි කසුන් කල්හාර අයියා ගාවට සංගීතය ඉගෙන ගන්න ගියේ. කසුන් අයියා තමයි මගේ සංගීත ගුරුවරයා.
ක්ෂේත්රයට එන්නේ කොහොමද?
2015 සිරස සුපර් ස්ටාර් සීසන් 6 එකේ අන්තිම හතර දෙනා අතරට ආවා.
සඳනාරි, අවතැන් හදේ එකෙන් පස්සේ ඇයි සින්දුවක් නොකළේ?
මම කැමති හොඳම එකේ හොඳම එකක් දෙන්න. ඒකට කාලය අදාළම නැහැ.
සංගීතය ද වෘත්තීය ද?
ඔව්. අනිවාර්යෙන්ම. අදටත් හම්බ කරන් කන්නේ සංගීතය නිසා.
සංගීතය වෘත්තීය නම් කාලාන්තරයක් නිර්මාණ නොකර පවතින්න පුළුවන් ද?
එහෙම එකක් නැහැ. කාලයක් ගිහින් හරි හොඳ නිර්මාණයක් කළොත් මිනිසුන් ඒක ආදරෙන් වැලඳ ගන්නවා.
මේ වෙද්දී ලැබුණු ඇගයීම් මොනවද?
2019 රයිගම් SoMe සම්මාන උළෙලේදී Most Popular Music Video එකට හිමි සම්මානය ලැබුණා.
මේ අවුරුද්දේ සින්දුවක් අහන්න ලැබෙයිද?
අනිවාර්යෙන්ම, මේ අවුරුද්දේ මගේ අලුත්ම සින්දුව අහන්න ලැබෙනවා.
මේ වෙද්දී අලුත් අය බොහොමයක් ඇවිත් ඉන්නවා ක්ෂේත්රයට, ඒ අය එක්ක තරගකාරීත්වයක් නැද්ද?
කොහෙත්ම නැහැ. අලුත් අයගේ දක්ෂතා සපිරි අයගේ නිර්මාණ මම රසවිඳිනවා. ඒ වගේම මම කැමති නැහැ මගේ ගීත තරගයකට දාන්න. මම ඇවිත් වෙනමම විදියට හිතන මනුස්සයෙක්. මරණය තෙක් සංගීතයම තමයි මගේ ජිවිතේ.
කොහොමද මේ ගමන එන්න ගෙදරින් ලැබුණු සහයෝගය?
මාගේ සංගීත කටයුතු සඳහා ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා
ඔබ තාරුණ්‍යයේ ඉන්නෙ. මේ වන විට ඔබ පෙම්වතෙක් ද?
තවම නැහැ
මොන වගේ කෙනෙක් ද ආදරේට හොයන්නේ
ඒකට උත්තර දෙන්න හරි අමාරුයි. මොකද අවංක අයත් දැන් නැහැනේ.