JW.ORG ජාතික සමුළුව සාර්ථකව අවසන් වෙයි | සිළුමිණ

JW.ORG ජාතික සමුළුව සාර්ථකව අවසන් වෙයි

2019 වසරෙන් පසුව පළමුවරට පැවැත් වූ JW.ORG ජාතික සමුළුව ජූලි 14 වැනිදා සිට දින 3ක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්විණ. JW.ORG සංගමයේ සිංහල භාෂා ජාතික සමුළුවට සමගාමීව තවත් සමුළු 6ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කැළණිය, කොළඹ 15, හලාවත, යාපනය සහ තෙලිප්පිලායි නගර කේන්ද්‍ර කර ගනිමින් ජූලි 28 සිට සැප්තැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතය.

“ඉවසීම සහ ඉවසීමෙන් යුතුව සියලු අභියෝගයන්ට මුහුණ දීම” යන තේමාව පදනම් කර ගනිමින් දේශන, ප්‍රසාංගික අත්දැකීම්, සාමාජික සාමාජිකාවන් සමඟ දැනුම බෙදා ගැනීමේ විවෘත සැසිවාර ඇතුළු වැඩසටහන් රැසක් මෙවර සමුළුවට ඇතුළත් විය.

“ඉවසීමෙන් බලාගෙන ඉන්න!” යන මාතෘකාව යටතේ සමුළු 6,000ක් ලොව පුරා 2023 වසරේදී පැවැත්වීමට නියමිත බව JW.ORG සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නලින් වනිගසේකර පැවසීය.

Comments