මඩකලපුව දුම්රිය මාර්ගයේ අනවසර ඉදිකිරීම් ගැන පරීක්ෂණ | සිළුමිණ

මඩකලපුව දුම්රිය මාර්ගයේ අනවසර ඉදිකිරීම් ගැන පරීක්ෂණ

පොලොන්නරුව- මඩකලපුව දුම්රිය මාර්ගය දෙපස රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් කළ හා කරමින් පවතින ඉදිකිරීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කර එම ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝග කර ඇත. පසුගිය සිකුරාදා (21) පොලොන්නරුව හා මඩකලපුව අතර ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුර ජනතාවගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි නිසා ඇමැතිවරයා මෙම නියෝගය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේම ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම අකටයුතුකම් සිදුව ඇතැයිද එහිදී ඇම­ැතිවරයා වෙත වාර්තා වී තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, පොලිසිය ඇතුළු සියලු නිලධාරීන් කැඳවා පරීක්ෂණ සිදු කර තමන් වෙත කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ප්‍රවාහන ලේකම්වරයා වෙත නියෝග කර ඇත.

Comments