ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි | සිළුමිණ

ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි

ජුලි මාසයේ පළමු සති 3 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,857ක් වාර්තා වී ඇති අතර, වසර මුල සිට මේ දක්වා සිදුවී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 36කි.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,177ක් වන අතර ඉන් සියයට 49.7ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 50ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

Comments