අධිනීතිඥ ගාමිණී ප්‍රේමතිලක නික්ම යයි | සිළුමිණ

අධිනීතිඥ ගාමිණී ප්‍රේමතිලක නික්ම යයි

කොළඹ නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු කලාපීය උප සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි ප්‍රේමතිලක, ජූලි 20 බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත විය. දෙනියායේ බෙරලපනාතර උපන් ඔහු මියයන විට 88 හැවිරිදිය. කොළඹ ආනන්ද සහ ඇක්වයිනාස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හෙතෙම 70 සහ 80 දශකද්වයෙහි ප්‍රකට කවියකු සහ ලේඛකයකු විය. ගාමිණී ප්‍රේමතිලක ගේ බිරිය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නඩුකාරවරිය වන විනිසුරු මල්ලිකා ප්‍රේමතිලකය. එම දෙපළගේ එකම දරුවා චාමිණී වන අතර ඇය ද නීතිඥවරියකි.

නීතිඥ ගාමිණී ප්‍රේමතිලකගේ අවසන් කටයුතු ජූලි 22 වන  සෙනසුරාදා පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ඔහුගේ දේහය නුගේගොඩ උඩහමුල්ලේ තලපත්පිටිය පාරේ අංක 92 නිවසෙහි අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇත. 

Comments