
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගම්ක හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පැවැත් වූ ශුද්ධ වූ කුරානය කට පාඩම් කිරීමේ තරඟයේ ත්‍යාග ප්‍රදාන උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පසුගියදා (17) පැවැත්විණි.
දිවයිනේ විවිධ ප්‍රදේශන්හි නියෝජනය වන පරිදි පාසල් දරුවන් රැසක් මෙම තරඟය සඳහා සහභාගී වූ අතර ඒ අතරින් 24 දෙනෙකු තරඟයෙන් ජයග්‍රහණය කර මෙහිදී තාග්‍ය ලබා ගත්හ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයින් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පරිසර අමාත්‍ය නසීර් අහ්මඩ් යන මහත්වරු මෙම අවස්ථාව සඳහා එක්වූ අතර, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහ්ලීඩ් හමෞද්,පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් යන මහත්වරු සහ සෞදි අරාබි රාජ්‍යයේ ධූත පිරිසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.