ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක් | සිළුමිණ

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පැවසුවාය.
 
ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G20 සමුළුවට පෙර පැවැති මාධ්‍ය හමුවකදීය.
 
එවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන් කළ හැකි වෙතැයි ඇය පැවසුවාය.
 
මෙම ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි බවක් ලබා දීම සඳහා ණය ගන්නා රටවල් සහ අනෙකුත් පාර්ශවකරුවන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ “පරිශීලක මාර්ගෝපදේශයක්” අවශ්‍ය බව ද ඇය එහිදී සදහන් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

Comments