‘සිනොපෙක්’ තෙල් හෙට සිට - ආයෝජනය ඩොලර් මිලියන130යි | සිළුමිණ

‘සිනොපෙක්’ තෙල් හෙට සිට - ආයෝජනය ඩොලර් මිලියන130යි

චීනයේ ‘සිනොපෙක් එනර්ජි ලංකා ප්‍රයිවට් ලිමිටඩ්‘ සමාගමේ ඉන්ධන බෙදා හැරීම් කටයුතු හෙට සිට සිදු කෙරෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම සිළුමිණට කීය. එම සමාගම ජූලි 14 වෙනිදා සිකුරාදා සිට ආයෝජන මණ්ඩලයේ සමාගමක් බවට ලියාපදිංචි වූ බවත් ඒ අනුව සිපෙට්කෝ ආයතනය සතු ඉන්ධනහල් 150ක් පරිපාලනය සිදු කිරීම එම සමාගම විසින් සිදු කරනු ඇත.

ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලට ඉන්ධන ආනයනය කිරීම, රැස්කිරීම හා බෙදාහැරීම එම සමාගමෙන්ම සිදු කරනු ලබයි. මේ සඳහා රජයට කිසිදු මුදලක් වැය නොවන බව ද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම අවධාරණය කළේය. එම පිරවුම්හල් 150ට අමතරව තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ද එම සමාගම විසින් අලුතින් ස්ථාපිත කරනු ඇත.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය හරහා මෙරටට අෙමරිකන් ඩොලර් මිලියන 130ක ආයෝජනයක් සිදු කෙරේ. මේ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වයි හුවා සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අමාත්‍යවරයා සමඟ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාවයි.

(ඡායාරූපය - චින්තක කුමාරසිංහ)

Comments