ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් මේ වසරේ බෙදා හැරලා | සිළුමිණ

ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් මේ වසරේ බෙදා හැරලා

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත් මේ වන විට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න සිළුමිණට පැවසීය.

මාසයකට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩඉරිඟු කිලෝ මෙට්‍රික් ටොන් 15ක් අවශ්‍ය බවත් එම ප්‍රමාණය දේශීයව සපයා ගැනීමට නොහැකි බැවින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවී ඇත. දේශීය ගොවීන් බහුතරයක් බඩ ඉරිඟු වගා කළද ඔවුන්ට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණික දැනුම නොමැතිකමින් එම අස්වැන්න නිසි ගුණාත්මකත්වයෙන් වෙළෙඳපොළට ලබා දීමට නොහැකි වී ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වසර 2021 සිට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වන ස්වාධීන ආයතනයක් ලෙස ත්‍රිපෝෂ සමාගම පත් වී ඇත.

 දර්ශන කරුණාරත්න

Comments