ජනාධිපති ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම් 5කට අත්සන් | සිළුමිණ

ජනාධිපති ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම් 5කට අත්සන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ඉන්දීය සංචාරය අතරතුරදී දෙපාර්ශ්වයටම බලපාන ගිවිසුම් 5ක් අත්සන් කිරීමට නියමිතය. එම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමු වී කළ සාකච්ඡාවේදී මේ බව තහවුරු කර තිබේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් මේ ගිවිසුම් අත්සන් කෙරෙනු ඇත.

පූනර්ජනනීය බලශක්තියට අදාළව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නල එළීම හා විදුලිය කේබල් එළීමට අදාළව ද, ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට අදාළව ද, ශ්‍රී ලංකාවට ඖෂධ මිලදී ගැනීමේදී සෘජුවම ඉන්දීය රජය මඟින් එය මිලදී ගැනීමට අදාළවද, කිරි නිෂ්පාදනයට අදාළව ද දෙපාර්ශ්වය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ඉන්දීයාවට යාමට පෙර හා ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුම් අත්සන් කරනු ඇත.

Comments