වාද්දුව දළදා පෙරහරේ පූජා ඇරැඹේ | Page 5 | සිළුමිණ

වාද්දුව දළදා පෙරහරේ පූජා ඇරැඹේ

දළදාවත්ත පුරාණ මහා විහාරයේ වාර්ෂිකව ශ්‍රී දළදා පූජෝත්සවය 90 වරට අද (09) කප් සිටුවීමෙන් ආරම්භ වේ.

ජූලි මස 16 දින රාත්‍රී තිස් පැය හතේ පිරිත් දේශනාව ආරම්භ කෙරෙන අතර 18 දා සූත්‍ර දේශනාව ද 19 දින පස්වරු 3.00ට දේවදුත මහ පෙරහර ද පැවැත්වේ. එදින රාත්‍රී දොරකඩ අස්න හා අනුශාසනා අස්න දේශනය පැවැත්වේ. 20 වැනි දා පිරිත් දේශනාව අවසන් වන අතර එදින පස්වරු 6.00 ට තෙසැත්තෑ ඤාණ පූජා පිංකම පැවැත්වේ.

21 වන දින ප.ව. 7.00 ට අපවත් වී වදාළ මහා සංඝරත්නයට, බෙල්ලන්විල හා නැඳුන්ගමුවේ රාජා ඇතුළු හස්තීන්ට මෙන්ම සියලුම මියගිය දායක දායිකාවන්ට පින්දීම සඳහා වු විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වේ. ජූලි මස 22 රාත්‍රියෙහි ශ්‍රී දළදා පෙරහර වීථි සංචාරය කෙරේ.

වාද්දුව සංචාරක

Comments