පුනර්ජනනීය බලශක්තිය ගැන වෘත්තීය පුහුණු පාසලක් | සිළුමිණ

පුනර්ජනනීය බලශක්තිය ගැන වෘත්තීය පුහුණු පාසලක්

පුනර්ජනනීය බලශක්තිය ගැන නිසි අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවක් ඇතිව තිබේ.

මෙම එකඟතාවට පැමිණ ඇත්තේ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන හා ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදීය. මෙම පුහුණුවෙන් පසු උසස් ලෙස සමත්වන දරුවන් වෙනුවෙන් ජර්මන් පුනර්ජනනීය බලශක්ති සමාගම්වල රැකියා ලබාදීමට ද ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් සමඟ ජර්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති සමාගම් නියෝජිතයන් පිරිසක් ද පැමිණ ඇති අතර ඔවුන් ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව මේ වන විටත් අදාළ වෘත්තීය පුහුණු පාසල හෝමාගම තාක්ෂණික කලාපයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

රුවන් විජයවර්ධන මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ද දැනුම්වත් කර ඇති අතර ඉදිරියේදී ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව ලද පසු එය ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

Comments