හිටපු පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට එයි | Page 5 | සිළුමිණ

හිටපු පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

 
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙයි. 
 
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමේ විභාගයට පෙනී සිටිම සඳහායි
 
එම පෙත්සම් අද (04) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
 
පුජිත් ජයසුන්දර මහතාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබිණි.
 
එම නියෝගය බලරහිත කරන ලෙසයි නීතිපතිවරයා අභියචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.
 

Comments