
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ(01) වැඩි ඡන්ද 60 කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුනු අතර, විරුද්ධව ලැබුනේ 62 ක් පමණි.
රාත්‍රී 7.35 ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරුණි.
විපක්ෂයේ ස්වාධීනව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ සමගි ජනබලවේගයේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.