දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි | Page 4 | සිළුමිණ

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ(01) වැඩි ඡන්ද 60  කින් සම්මත විය.
 
යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුනු අතර, විරුද්ධව ලැබුනේ 62 ක් පමණි.  
 
රාත්‍රී 7.35 ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරුණි.  
 
විපක්ෂයේ ස්වාධීනව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ සමගි ජනබලවේගයේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

Comments