
පසුගිය ජනවාරි මාසයේ සිට ගෙවී ගිය හය මස තුළ, පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් 10,000ක් පමණ සිදු කර ඇති අතර, අධිකරණය මගින් ඒ සඳහා නියම කරන ලද දඩ මුදල්වල එකතුව රුපියල් මිලියන 108කි. මේ වැටලීම් අතරින් නඩු 1,250ක්ම බිත්තර වැඩි මිලට අලෙවි කිරීමේ වැරදිය. එමෙන්ම, 30%ක් නියම මිලට වඩා වැඩි මිල අයකිරීම් සඳහා වූ අතර, තවත් 30%ක් මිල ප්‍රදර්ශනය නොකිරීම සඳහා පවරන ලද නඩු වේ.