නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් පෙම්වතා හැටියට තෝරගන්න කැමැත්තක් තිබුණෙ නෑ | Page 3 | සිළුමිණ

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් පෙම්වතා හැටියට තෝරගන්න කැමැත්තක් තිබුණෙ නෑ

2022 වසරේ ක්‍න්‍ අවුරුදු කුමරි තරඟාවලියේ කිරුළ හිමිකරගත් ඇය මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයට පිවිස හමාරයි. පසුගිය දිනක පැවති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේදී සුන්දරතම ඇදුම් විලාසිතාවට හිමි ත්‍යාය දිනා ගැනීමටද සමත් වූයේ ඇයයි. ඒත් සමඟ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වු මේ සොඳුරු රුවැත්තිය රිද්මි අමරසිංහ.

ඔබේ පවුලේ විස්තර ගැන කතා කළොත්?

මගේ පවුල ගැන කතා කළොත් මමයි, අම්මයි, තාත්තයි, නංගියි තමයි ඉන්නේ. නංගි නම් තාම අධ්‍යාපනය ලබනවා.

 

රිද්මි කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ ?

ඔව්. මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ 2022 වසරේ. මම චන්දිමාල් ජයසිංහගේ CJ අවුරුදු කුමරිය කිරුළ ලබා ගැනීමට සමත් වුණා. ඒ ජයග්‍රහණය නිසා තමයි නිරූපණ ක්ෂේත්‍රයට අවතීරණ වෙන්න අවස්ථාව ලැබුණේ.

 

ඔබට රංගන ක්ෂේත්‍රයට ආරාධනා ලැබෙනවා ඇති නේද?

රංගන ක්ෂේත්‍රයට මේ වෙනකොටත් ආරාධනා රැසක් ලැබිලා තියනවා. ඒත් මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයට.

 

නිරූපණ ක්ෂේත්‍රයට එන මුල් කාලේ ඒ ගැන බයක් ඇති වුණේ නැද්ද?

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ඉතාම දැවැන්ත ක්ෂේත්‍රයක්. ඒ වගේම ඒක වෘත්තියක්. ඇත්තම කිව්වොත් ඉතාමත්ම වැදගත් වෘත්තියක්. මම දන්නවා නිරූපණ ශිල්පිනියක් කියන වෘත්තිය ඇතුළේ මට ගැළපෙන දේ පමණක් තෝර ගන්න. ඒ නිසා මට ක්ෂේත්‍රයට අවතීරණ වෙන්න බයක් දැනුණේ නෑ.

 

රිද්මි ඔබ පෙම්වතියක්ද?

මම ඉතාමත් ලස්සන ආදරයක් හිමි වාසනාවන්ත පෙම්වතියක්.

 

ඔබේ පෙම්වතාත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක්ද?

නෑ. ඔහු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. කොහොමත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් පෙම්වතා හැටියට තෝරගන්න මට වැඩි කැමැත්තක් තිබුණේ නෑ.

ඔහුගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරන්න කළින් මම කියන්න කැමතියි ඔහු හරිම ආදරණීය පුද්ගලයෙක්. මගේ ජීවිතේ වටිනාම කෙනා ඔහුයි. මගේ ගමන සාර්ථක කරගන්න මගේ අම්මගෙන් පස්සේ මට විශාල සහයෝගයක් ලබා දෙන්නේ ඔහුයි. මගේ හැම දේකදීම මගේ පසුපසින් ඉදන් මට උදව් කරන්නේ ඔහුයි.

 

නිරූපණ ශිල්පිනියක් විදියට ඔබත් ඔබේ ශරීරයේ නිසි හැඩය පවත්වා ගැනීම වෙනුවෙන් ලොකු අවධානයක් යොමු කරනවා ඇති නේද?

නිරූපණ ශිල්පිනියක් විදියට විශේෂ අවධානයක් දෙන්න ඕන දෙයක් තමයි ශරීරය කියන්නේ. මමත් නිරූපණ ශිල්පිනියක් විදියට මගේ ශරීරය නිසි අයුරින් පවත්වා ගන්න අවශ්‍ය අවධානය ලබා දෙනවා.

 

පසුගිය දිනවල රිද්මිගේ ඇදුම් විලාසිතා ගැන බොහෝ දෙනෙක් කතා කළා නේද?

මම පසුගිය දිනක චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට ඇදපු ඇඳුම් විලාසිතාව බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනාගත්තා. ඒ ගැන කතා කළොත් මෙවර ඔහුගේ උපන්දින සාදය පැවැත්වුණේ Gala Theam එකට. ඊට අනුව මගේ ඇඳුම් විලාසිතාව නිර්මාණය කළේ ගගන ද සිල්වා. ඔහු ඉතාමත් දක්ෂ නිර්මාණශීලී පුද්ගලයෙක්. ඔහු විසින් නිර්මාණය කළ ඇඳුම් විලාසිතාවට තමයි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ Best Costume Title එක ලැබුණේ. ඒ වගේම වැඩි දෙනෙකුගේ ආකර්ෂණයද එම විලාසිතාවට ලැබුණා.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් රිද්මිට ලැබෙන සහයෝගය කොයි වගේද?

ඇත්තටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අතරින් විශේෂ පුද්ගලයින් තුන්දෙනෙක් ඉන්නවා. ඒ තමයි චන්දිමාල් ජයසිංහ. ඒවගේම රුක්මාල් සේනානායක සහ ගගන ද සිල්වා. ඔවුන්ගෙන් මට මගේ හැම වැඩකටයුත්තකදීම ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

රිද්මිගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

මගේ අනාගත බලාපොරොත්තුව තමයි ජාත්‍යන්තර නිරූපණ තරඟයකට සහභාගී වෙන එක. ඒ වගේම තමයි මගේ ඉදිරි ජීවිතේ සතුටින් ගත කරන එක.

Comments