
දශක තුනක් පුරා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස පුවත්පත් විෂයෙහි විශාල මෙහෙවරක් කළ ඩිලන්ත හෙට්ටිගේ ඉකුත් 27 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඩිලන්ත 58 වැනි වියෙහි පසුවූයේය.
ඔහු මාතලේ කේන්ද්‍ර කර ගනිමින් දශක තුනකට ආසන්න කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. උතුරේ යුද සමයේදී යුද වාර්තාකරුවකු ලෙස ඔහු ලබාගත් ඡායාරූපවලට ජගත් සම්මාන පවා හිමි විය.
දෙදරු පියකු වූ ඩිලන්ත මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු වශයෙන් ද මාතලේ පත්‍ර කලා සංගමයේ නියමුවෙකු වශයෙන්ද කටයුතු කළ අතර පුවත්පත් සහ මාධ්‍ය ආයතන කිහිපයකම ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වශයෙක් අමිල සේවයක් ඉටු කළේය.
ඔහුගේ අවසන් කටයුතු ජූනි 29 සවස මාතලේ පොදු සුසාන භූමිය්දී සිදු කෙරිණි.