සහල් වර්ග තුනක මිල අඩු වෙයි | Page 15 | සිළුමිණ

සහල් වර්ග තුනක මිල අඩු වෙයි

ලංකා සතොස මගින් සහල් වර්ග 03 ක මිල අද (30) සිට අඩුකර තිබේ.
 
මෙහිදි සුදු නාඩු කිලෝවක් රුපියල් 7කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 168 කි. 
 
රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින්ද අඩු කර තිබෙන අතර එහි නව මිල රුපියල් 135ක් වේ.
 
එමෙන්ම සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 කි.
 
මෙම මිල ගණන් යටතේ දිවයිනේ ඕනැම ලංකා සතොස ආයතන මඟින් පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

Comments