
චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිසක් සහභාගී වේ.
ජුනි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා එය පැවැත්වෙනු ඇත.
‘ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාවෙන් යුත් මෙම සංසදය, ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන ලොව පුරා රටවල් 90කට අධික දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇත.
‘අහිමි දශකයක් වැලැක්වීම’ යන මැයෙන් පැවැත්වෙන වටමේස රැස්වීමට සහ ‘හෙට ආර්ථිකය බලගන්වන්නේ කෙසේද’ යන මැයෙන් පැවැත්වෙන පාර්ශවකරුවන්ගේ සංවාදයට අමාත්‍ය සබ්රි සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍ය Qin Gang සහ අනෙකුත් ඉහළ පෙළේ ප්‍රභූවරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
එසේම අමාත්‍ය අලි සබ්රි මහතා බීජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ටියැන්ජින් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් සමඟ ද අදහස් හුවමාරු කර ගනු ඇත.