මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල | Page 2 | සිළුමිණ

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ජුනි 23වැනිදා නිල වශයෙන් වැඩ භාර ගත්තේය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයේ වැඩ භාරගනිමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සිළුමිණට පැවසුවේ කොමිසමක සාමාජිකයෙක් ලෙස කොමිසම සතු සාමුහික වගකීම අවබෝධ කරගෙන ජනතාව පාර්ශ්වයෙන් ප්‍රශස්ත තීන්දු ගැනීම සඳහා සාමුහිකව කටයුතු කරන බවය. එම ධූරයට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය 23 දා හිමි වී තිබිණි. මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් විවාදයට ගෙන සම්මත වීමෙන් පසු එම ධූරයෙන් ඉවත් කරන ලද මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රතනායකගෙන් පසු එම ධූරය පුරප්පාඩුව විය.

1993 මැයි මාසයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යයනාංශයේ උපදේශකවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු දැනට එම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස ද සේවය කරයි. මහාචාර්ය ප්‍රනාන්දු ජාත්‍යන්තරව පිළිගත් වරලත් විදුලි ඉංජිනේවරයකි.

 

Comments