උතුරු දුම්රිය යළි ඇරැඹෙයි | සිළුමිණ

උතුරු දුම්රිය යළි ඇරැඹෙයි

අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීම අවසන් වෙමින් ඇති නිසා එළැඹෙන ජූලි මස 16 වෙනි දින සිට කොළඹ සිට කන්කසන්තුරය හා තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සිළුමිණට කීය.

මහව සන්ධියේ සිට ඕමන්තෙ දක්වා වන දුම්රිය මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන අතර, එහි පළමු අදියර වන අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා වන මාර්ග කොටසේ වැඩ මේ වන විට අවසන්ව ඇත. එහි 2 අදියරේ වැඩ කටයුතු 2024 වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෙළි කළේය.

ජුලි මාසයෙන් පසුව රජරට ප්‍රදේශයට වැසි සමය උදාවන හෙයින් එම කාලයේදී මාර්ගය ප්‍රතිසංස්කරණය අසීරු බව පැවසූ සාමාන්‍යාධිකාරි ගුණසිංහ පැවසුවේ ඒ සම්බන්ධයෙන් මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ඉන්දීය ඉර්කොන් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවයි. යළිත් මාස 6ක් පමණ කාලයක් මහව සන්ධිය හා අනුරාධපුර අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.

Comments