ප්‍රථම වරට ෂීෂෙල්ස් සිට ගුවන් යානයක් කටුනායකට | සිළුමිණ

ප්‍රථම වරට ෂීෂෙල්ස් සිට ගුවන් යානයක් කටුනායකට

ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට  අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
 
මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
 
එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරන මෙම ගුවන් යානය  අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 
මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙකු සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙකු ද පැමිණ සිටියහ .
 
ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.
 
මෙතැන් සිට මෙම ෂීෂෙල්ස් ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් බදාදා සහ ඉරිදා යන දින වල අලුයම 04.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළි උදෑසන 07.30 ට ෂීෂෙල්ස් බලා පිටත්ව යාමට නියමිතය .

Comments