
එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ ගැටුම් පැවති සමයේදී දැඩිලෙස හානියට පත්වූ අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම දිස්ත්‍රික්කය බිම්බෝම්බවලින් තොර භූමියක් ලෙස සනාථ කර ගැනීමෙන් පසුව ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීමට පියවර ගත් බවයි.
විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා යුධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ සහයෝගය ලබාගනිමින් වළදමා තිබූ බිම්බෝම්බ ඉවත්කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කය යුද සමයේදී දැඩි ලෙස හානියට පත්වූ දිස්ත්‍රික්කයකි. එම දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගවේලායුදපුරම්, කන්චිකුයාරු, කාන්චිරම්කුඩා, සාගාමම් යන ගම්මාන හතරෙහි නිවාස 343ක් ඉදිකර අවසන් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම තවත් නිවාස 72ක් ඉදිකිරීමට නියමිතය ඇත. නැවත පදිංචි කිරීම් කරනු ලබන ප්‍රතිලාභීන් සඳහා තාවකාලික නිවාස හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සඳහා රුපියල් 38000 මුල්‍යාධාරයක් ලබා ලබාදී ඇත.
නිවාස ලබාදීමේ නිර්ණායකයන් සකස් කර දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලබාගෙන එම නිවාස ලබාදුන් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම ස්ථීර නිවාස ඉදිකර දී පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක කටයුතු ඇතුළු අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම හා ජීවනෝපාය වැඩසටහන් වලට යොමු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටද රජය කටයුතු කර තිබේ.
ප්‍රතිලාභී පවුල් 71 සඳහා පානීය ජලය ලබාදී ඇති අතර ප්‍රදේශයේ පොදු ළිං 93ක් ද ඉදිකර තිබේ. එමෙන්ම බොරලු යොදා මාර්ග සකස්කර තිබේ. ඊට අමතර වියළි කාළගුණය සහිත කාලයන්හිදී පානීය ජලය බවුසර් මගින් ප්‍රතිලාභීන් වෙත ලබාදීමටද කටයුතු කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වන අලීන්ගේ ගම්මාන ආරක්ෂා කර ගැනීම සඳහා කිලෝමීටර 38ක් දිග අලි වැටක්ද සකස් කර ඇති බවයි.