ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව යුරියා පොහොර | සිළුමිණ

ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව යුරියා පොහොර

දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව  යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ලංකා පොහොර සමාගමේ හා කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.
 
පසුගිය සතියේ සිට මේ දක්වා දිවයින පුරා ඇති ගොවි ජන මධ්‍යස්ථානවල එතෙක් තිබු යුරියා පොහොරවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 5100ක් යවා ඇත. 
 
එමෙන්ම අද දිනය තුළ තවත් යුරියා මෙට්‍රික් ටොන් 1000ක් බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.
 
අද දිනය තුළ තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් පොලොන්නරුවට යැවීමට කටයුතු යොදා ඇති  අතර පසුගිය සතියේ සිට මේ දක්වා පොලොන්නරුවට යවා ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ඉක්මවයි.
 
ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථාන විසින් තමන් සතුව අවශ්‍ය තරම් යුරියා පොහොර තිබෙන බැවින් යුරියා පොහොර නොඑවන ලෙසට පොහොර සමාගම්වලට දැනුම් දී ඇති බව ද ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.
 
මේ අතර ඇතැම් ගොවී සංවිධාන විසින් මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන්ට යුරියා පොහොර ලැබී නැති බව ප්‍රකාශ කර ඇත. මෙම කාරණය සැළකිල්ලට ගනිමින් කිසියම් ප්‍රදේශයකට යුරියා පොහොර ලැබී නොමැති නම් ඒ සඳහා විමසීම සඳහා රජයට අයත් පොහොර සමාගම්වලින් නිලධාරින් දෙදෙනෙක් පත් කරන ලෙස සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පියවර ගෙන තිබේ.
 
01  උපේන්ද්‍ර මහතා- අලෙවි කළමනාකරු. කොළඹ කොමර්ශල් පොහොර සමාගම-   දුරකථන අංකය- 0775510674
 
02              නුවන් මහතා- බෙදාහැරීම් කළමනාකරු- ලංකා පොහොර සමාගම - දුරකථන අංකය - 0774441417
 
කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයක යුරියා පොහොර නොමැති නම් මෙම දුරකථන අංකවලට කතා කර තොරතුරු විමසිය හැකිය.

Comments