ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි පරීක්ෂා කිරීමට තීරණයක් | සිළුමිණ

ඖෂධ වර්ග 2ක ගුණාත්මකභාවය යළි පරීක්ෂා කිරීමට තීරණයක්

ඖෂධ වර්ග දෙකක ගුණාත්මකභාවය යළි පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
 
අමාත්‍යංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවීම සළකා බලා එම තීරණය ගත් බවයි.
 
ආන්දෝලනයට තුඩු දී ඇති අදාළ ඖෂධ වර්ග දෙක ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇතැයි ද, ඔහු පැවසීය.
 
ලේකම්වරයා සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්ව එම ඖෂධ වර්ග දෙක මෙරට භාවිතයට ගෙන ඇති බවයි.
 
මේ අතර, ඖෂධ වර්ග භාවිතයෙන් පසු රෝගීන් මියයාම සහ ආසාත්මිකතා වලට ගොදුරුවීම සම්බන්ධයෙන් වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ක්‍රියාත්මක බවයි.
 
ඖෂධ භාවිතයෙන් පසු මරණයට පත්වූ සහ ආසාත්මිකතා වලට ගොදුරු වූ පුද්ගලයින්ට ඖෂධ සමාගම් වලින් වන්දි අයකරගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද කමිටුව සොයා බලන බව, ලේකම්වරයා පැවසීය.

Comments