ශාන්තිකර්මයකින් කතක් මරුට | සිළුමිණ

ශාන්තිකර්මයකින් කතක් මරුට

ලග්ගල , දාස්ගිරිය , හත්තොට අමුණ ප්‍රදේශයේ සිදු කළ ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත අනතුරුව මරණයට පත්ව තිබේ. 
 
පැවති අසනීප තත්ත්වයන් සුව කර ගැනීම සඳහා කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකු සඳහා මෙම ශාන්ති කර්මය සිදු කර ඇතැයි පොලිසිය පවසයි. 
 
පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන දක්වා එම ශාන්තිකර්මය සිදුකර ඇත.
 
ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිලි ගෙඩි 21ක බැගින් පෙවීම සිදුකර ඇති බවත් ඒ අවස්ථවේදී එක් කාන්තාවක් අසනීප වූ බවත් සදහන් වේ. 
 
එම කාන්තාව අසනීප වූ විට කහ වතුර පානය කිරීමට ලබා දී ඇත.
 
ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වී දාස්ගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ, 48 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
 
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (18) දඹුල්ල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ශාන්ති කර්මය සිදුකරන ලද 25 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

Comments