අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් චීනයට පැමිණ තිබේ.
අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වසර පහකට පසුව මෙසේ චීනයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන බීජිං වෙත පැමිණ ඇතැයි චීන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර ඇත.
ඔහුගේ චීන සංචාරය කලාපීය රාජ්‍යවල මත ගැටුම් සමනය කිරීම අරමුණු කර ගනිමින් සිදුකෙරෙන්නක් බව පැවසේ.
තායිවානය හා පිලිපීනය සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
අමෙරිකාවෙන් හමුවූ චීන ඔත්තු බැලීමේ බැලුනය සම්බන්ධයෙන් ද චීන බලධාරීන් සමග අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සිකුරාදා සවස රාජ්‍ය ලේකම් බ්ලින්කන් වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, එක්සත් ජනපද නිලධාරීන්, චීන සගයන් සමඟ ගැටලු රාශියක් සම්බන්ධයෙන් ඉතා අවංකව සාකච්ඡා කිරීමට නියමිත බවයි.