
ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ 2019 කණ්ඩායමේ ඩිප්ලෝමා ප්රදානෝත්සවය පසුගිය දා පැවැති අතර 2021 කණ්ඩායමට හෙද හිස්වැසුම් පැලඳවීමේ උත්සවය ද ඊට සමගාමීව පැවැත්විණ. තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත්, NVQ 6 වැනි සාධන මට්ටමේ විෂය මාලාවකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කරන උසස් ජාතික ඩිප්ලෝමාවක් සහිත ලංකාවේ පළමු හෙද විදුහල වන්නේ ද ලංකා හොස්පිටල්ස් හෙද විදුහලයි. මෙහිදී 2021 කණ්ඩායමේ සිසුන් 51 දෙනෙකු NVQ 6 වැනි සාධන මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරන දෙවන කණ්ඩායම වශයෙන් හෙද හිස්වැසුම් පැලඳවීමේ උත්සවයට සහභාගි වූ අතර හෙද ඩිප්ලෝමාව අවසන් කළ 2019 කණ්ඩායමේ හෙදියන් 37 දෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයට සම්බන්ධ වූහ.