ලංකා හොස්පි­ටල්ස් හි ඩිප්ලෝමා ප්‍රදා­නෝ­ත්ස­වය | Page 3 | සිළුමිණ

ලංකා හොස්පි­ටල්ස් හි ඩිප්ලෝමා ප්‍රදා­නෝ­ත්ස­වය

ලංකා හොස්පි­ටල්ස් හෙද විදු­හලේ 2019 කණ්ඩා­යමේ ඩිප්ලෝමා ප්‍රදා­නෝ­ත්ස­වය පසු­ගිය දා පැවැති අතර 2021 කණ්ඩා­ය­මට හෙද හිස්වැ­සුම් පැල­ඳ­වීමේ උත්ස­වය ද ඊට සම­ගා­මීව පැවැ­ත්විණ. තෘති­යික හා වෘත්තිය අධ්‍යා­පන කොමි­සමේ අනු­මැ­තිය ලත්, NVQ 6 වැනි සාධන මට්ටමේ විෂය මාලා­ව­කට අනුව ඉගැ­න්වීම් කට­යුතු සිදු කරන උසස් ජාතික ඩිප්ලෝ­මා­වක් සහිත ලංකාවේ පළමු හෙද විදු­හල වන්නේ ද ලංකා හොස්පි­ටල්ස් හෙද විදු­හ­ලයි. මෙහිදී 2021 කණ්ඩා­යමේ සිසුන් 51 දෙනෙකු NVQ 6 වැනි සාධන මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝ­මාව හදා­රන දෙවන කණ්ඩා­යම වශ­යෙන් හෙද හිස්වැ­සුම් පැල­ඳ­වීමේ උත්ස­ව­යට සහ­භාගි වූ අතර හෙද ඩිප්ලෝ­මාව අව­සන් කළ 2019 කණ්ඩා­යමේ හෙදි­යන් 37 දෙනෙක් රෝහල් කාර්ය මණ්ඩ­ල­යට සම්බන්ධ වූහ.

 

Comments