ඩයලොග් Ideamart Athena Hack තරගාවලිය සාර්ථකව අවසන් | Page 5 | සිළුමිණ

ඩයලොග් Ideamart Athena Hack තරගාවලිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් බලගැන්වූ Ideamart for women (IFW) Athena Hack 2023 තරගාවලිය පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවති මෙම තරගාවලිය ‘DigitALL සමානාත්මතාවය වෙනුවෙන් නවෝත්පාදනය සහ තාක්ෂණය’ යන එක්සත් ජාතීන්ගේ කාන්තා දින තේමාව යටතේ සංවිධාන විය. Athena Hack 2023 තරගාවලිය සඳහා 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර, විවිධ වැඩසටහන් රැසක් ඔස්සේ ඊට සහභාගි වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ කාන්තාවන්ට තම ව්‍යාපාරික හා තාක්ෂණික කුසලතාවයන් වැඩි දියුණු කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවිය. මෙහිදී කාන්තාවන්ට Metaverse අත්දැකීම විඳගැනීමට අවස්ථාවක් හිමිවූවා සේම, Design Thinking සහ Artificial Intelligence (AI) යන විෂය ක්ෂේත්‍රද හඳුන්වාදීම සිදුවිය.

Comments