වසරේ මුල් මාස 6ට ඩෙංගු මරණ 27ක් | සිළුමිණ

වසරේ මුල් මාස 6ට ඩෙංගු මරණ 27ක්

ඩෙංගු රෝගය වැලඳීමෙන් මේ වසරේ ජනවාරි සිට ඉකුත් ජුනි 16 වැනිදා දක්වා රට පුරා මරණ 27ක් වාර්තා වී ඇත. ඉන් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 20 -59ත් අතර පසුවන සක්‍රිය වයස් කාණ්ඩයට අයත් වූවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරි ලහිරු කොඩිතුවක්කු සිළුමිණට පැවසීය. ඉකුත් 2022 වසරේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 72කි.

මෙම වසරේ ඩෙංගු රෝගීන් 44,896ක් වාර්තා වී ඇති අතර, රෝගීන් 22,449 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. රෝගීන් 9,884ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 9,552ක් කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මෙම ජුනි මස මුල් දින 16 තුළ පමණක් මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5,492කි.

Comments