
යුද හමුදා විශේෂ බළකායේ ජ්‍යේෂ්ඨ විශ්‍රාමිකයන්ගේ සංගමයේ දෙවැනි මහ සභා රැස්වීම ඉකුත් දා නාවුල කොළංවල විශේෂ බළකා රෙජිමේන්තු මූලස්ථානයේදි පැවැත්විණි. එසේම විශේෂ බළකායේ රණවිරුවන් ඇතුළු සියලුම මියගිය රණවිරුවන් සිහි කරමින් එහි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝහාර දැක්වීමද සිදුකෙරිණි.
විශේෂ බළකායේ නිර්මාතෘ මෙන්ම විශේෂ බළකා ජ්‍යේෂ්ඨයන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි සහ එම සංගමයේ අනුශාසක කර්නල් ජ.වි ප්‍රනාන්දු මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තෝ වූහ.
මේ අවස්ථාවට සමගාමීව ඉදිරි වර්ෂය සඳහා ජ්‍යෙෂ්ඨ විශ්‍රාමිකයන්ගේ සංගමයේ නිලවරණය පැවැත්වූ අතර එහි නව සභාපතිවරයා ලෙස කර්නල් බී. රාජ් විජේසිංහ, උප සභාපති බ්‍රිගේඩියර් සිරිශාන්ත, ලේකම් කපිතාන් එච්. එම්. නලින් හේරත් උප ලේකම් රෙජිමේන්තු සැරයන් මේජර් අර්. මාමඩුව, භාණ්ඩාගාරික ටි. විජේසුන්දර යන නිලධාරීහු තේරීපත් වූහ.